ආසියානු කුසලාන ක්රිකට් තරඟාවලියේ ඊයේ රාත්රියේ පැවති තීරණාත්මක තරඟයෙන් පකිස්ථානය හමුවේ ශ්රී ලංකාව කඩුලු 05කින් පරාජයට පත් වුණා. තරඟයේ ප්රරථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 133ක් පමණයි. ශ්රී ලංකා කණ්ඩායමේ කඩුලු 05ක් තරඟයේ 08 වන පන්දු වාරය වන විට ලකුණු 58ක් තුළ බිඳ දැමීමට පකිස්ථාන පන්දු යවන්නන් සමත් වුණා. ශ්රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත තැනකට ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් පන්දු 44කදී ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේදී ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 28කට කඩුලු 03ක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ පකිස්ථානය 18 වන පන්දු වාරයේදී කඩුලු 05ක් පමණක් දැවී සිය ජයග්රාහී ඉලක්කය පසු කර ගියා. පකිස්ථාන කණ්ඩායමේ කඩුලු 05ක් පන්දුවාර 12ක් තුළ ලකුණු 80කට බිඳ දමමින් ශ්රී ලංකා පන්දු යවන්නන් තරඟයේ ජයග්රාහි මාවතට අවතීර්ණ වී තිබුණා. එහෙත් 06 වන කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 58ක සබඳතාවක් ගොඩ නගමින් මොහොමඩ් නවාස් සහ හුසේන් ටලාට් පකිස්ථානය ජයග්රහණය කරා රැගෙන ගියා. පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් බිඳ හෙළුවා. මෙම ජයග්රහණත් සමග ශ්රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානයෙන් ඉවතට විසිවීමේ ආසන්නයටම පැමිණ තිබෙනවා. මේ අතර, ක්රිකට් ඉතිහාසයේ වඩාත්ම ආදරණීය හා ආකර්ෂණීයම විනිසුරුවරයෙකු වූ හැරල්ඩ් බර්ඩ් අභාවප්රාප්ත වී තිබෙනවා. ඔහු ක්රිකට් පිටියේ හැඳින්වූයේ “ඩිකී” යන අන්වර්ථ නාමයෙන්. හැරල්ඩ් බර්ඩ් මිය යන විට ඔහු 92 හැවිරිදි වියේ පසු වුණා. හැරල්ඩ් බර්ඩ්, ලෝක කුසලාන අවසන් තරග තුනක් ඇතුළුව ටෙස්ට් තරග 66ක් සහ එක්දින තරග 6ක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
Published