Published
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ පරාජය තමන් ඇතුළු ක්‍රීඩකයින් භාරගන්නා බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා. ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් නොලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සනත් ජයසූරිය මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවත් සැලසුම් සහගතව ඉදිරියේදී තරඟ ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තු වන බවත් සනත් ජයසූරිය වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ඉන්දීය සහ පකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතරයි. තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 08.00ට ඩුබායි හීදී ආරම්භ වීමට නියමිතයි.