Published
ලෝක ජනගහණයෙන් මිලියන 800ක් පමණ කුසගින්න, මන්දපෝෂණය හෝ ඌණ පෝෂණ තත්ත්වයක සිටියදී වාර්ෂිකව ආහාර මෙටි්රක් ටොන් මිලියන 1,300ක් පමණ ප්‍රමාණයක් අපතේ යන බව විද්වතුන් පවසනවා.
රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහතා පැවසුවේ වාර්ෂිකව එක් පුද්ගල කිලෝ ග්‍රෑම් 130 ඉක්මවා ආහාර අපතේ හරින බවයි.
මෙරට වැඩි වශයෙන්ම එළවළු සහ පළතුරු පසු අස්වැන්න අපතේ යාම සියයට 30 ඉක්මවා යන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.




