Published
හිඟුරක්ගොඩ, බකමූණ අධ්‍යාපන කොට්ඨාසයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ ළමයි 45කට ආසන්න සංඛ්‍යාවක් ආහාර විෂ වී රෝහල් ගත කර තිබෙනවා.
අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමගමීව එම විද්‍යාලයේ පවත්වා තිබූ වැඩසටහනකදී ලබාදුන් ආහාර වේලක් හේතුවෙන් මෙම තත්ත්වය ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ
අදාළ වැඩසටහන අවසන් වී දරුවන් නිවෙස්කරා ගිය පසු මෙම අසාත්මිකතාව ඇතිව තිබෙන්නේ.
ඒ සමග එක් එක් දෙමව්පියන් තම දරුවන් බකමූණ ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා
ඉන් දරුවන් කිහිප දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇතැම් අය ප්‍රතිකාර ලබා නිවෙස් ගොස් තිබෙනවා.
පාසලේ මුලු සිසුන් සංඛ්‍යාව 230කට ආසන්න වන අතර, එම සියල්ලට මෙම ආහාර වේල ලබා දී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා




