Published
පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් රට පුරා සුපරික්‍ෂාකාරීව සිටින බවයි.
කිසියම් ඉන්ධන පිරවුම්හලක ඉන්ධන සංචිත අවම වී ඇති නම් ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටද විශේෂ නිලධාරීන් පිරිසක් පත් කර ඇති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ.
කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් රට තුළ ඇති නොවන බවට සහතික වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිල වශයෙන් දැනුම් දී ඇත්තේ.