Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්රිකට් තරඟය මේ වන විට පැවැත්වෙනවා.
ඒ, කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේදීයි.
තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
ඇන්ජලෝ මැතිව්ස් වෙනුවට යොවුන් තුන් ඉරියව් ක්රීඩක සොනාල් දිනූෂ අද ටෙස්ට් වරම් දිනා ගත්තා.