ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ටෙක්සාස් ප්‍රාන්තයේ ඕස්ටින් නගරයේ සුපිරි වෙළඳසැලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තුවක්කුකරු සුපිරි වෙළඳසැලේ රථ ගාලේ දී එහි සිටි පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීම සිදුකළ බව සිද්ධිය ඇසින් දුටුවන් සඳහන් කරනවා. වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව මෝටර් රථයක් පැහැර ගෙන ඔහු එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. පසුව එම මෝටර් රථය අනතුරට ලක්වී ඇති අතර ඔහු තවත් මෝටර් රථයක් පැහැර ගැනීමටයි කටයුතු කර ඇත්තේ. අනතුරුව පොලිසිය ඔහුව අත්අඩංගුවට ගැනීමට සමත්වුණා. තුවක්කුකරුට වයස අවුරුදු 30ක් පමණ වන අතර ඔහු මානසික රෝගයකින් පෙලෙන පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරනවා.