Published
ඇමෙරිකාව තුළ වසර 230 ක කාලයක් සංසරණය වූ කාසියක් මුද්‍රණය කිරීම නැවත්වීමට තීරණය කර තිබෙනවා
ඒ අනුව අවසන් ශතයේ කාසි තොගය පෙරේදා(12) මුද්‍රණය කිරීමට ඇමෙරිකාව කටයුතු කර තිබු නමුත් නැවතත් ශතයේ කාසිය මුද්‍රණය නොකරන බව ඇමෙරිකානු රජය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඇමෙරිකානු ඩොලර් බිලියන 300 ක පමණ ශතයේ කාසි ප්‍රමාණයක් ඇමෙරිකාව තුළ තිබුනත් ඉන් සියයට 60 ක පමණ ප්‍රතිශතයක් සල්ලි කැට තුල පවතින බවයි ඇමෙරිකානු රජය පවසන්නේ
ඇමෙරිකාව ප්‍රථම වතාවට ශතයේ කාසිය මුද්‍රණය කර ඇත්තේ 1793 වසරේදියි.
ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවැත්වීමෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.



