සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉදිරියේදී සිය සේවාවන් තවත් පුළුල් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, ඇල්ල ඔඩිසි දුම්රිය ධාවනය යළි අගෝස්තු මාසයේ සිට ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවා.

මේ අතර නානුඔය දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් පැවසුවේ.