උදාවු අසිරිමත් නත්තලත් සමග නුවරඑළියට පැමිණ සිටින දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරිමට (25) උදෑසන පැමිණි බව අඹේවෙල දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු පවසනවා.

නුවරඑලය ප්‍රදේශයට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් නුවරඑලියේ සිට අඹේවෙල දක්වා සංචාරකයන් ප්‍රවාහනය කරන සුඛෝපභෝගි බස් රථ වලින් පැමිණ දුම්රියෙන් ගමන් ගන්නා බවයි එම නිළධාරියා පැවසුවේ.

අඹේවෙල ප්‍රදේශයේ (25) දිනයේ දැඩි මීදුම් තත්වයක්ද පවතියි.