ඇල්ල - වැල්ලවාය මාර්ගයේ අනතුරට ලක්වූ බස් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා.

ඒ, අදාල බස් රථය නිසිලෙස නඩත්තු නොකිරීමේ චෝදනාව මතයි.

තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් මෙම බස් රථය ඇල්ල පොලිස් වසමේ ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී පසුගිය 04 වනදා ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් 15 දෙනෙකුට දිවි අහිමි වුණා.