ඇසල පොහොය නිමිති කර ගනිමින් දිවයින පුරා පැවැත්වීමට නියමිත දන්සැල් 8,355ක් ඊයේ පස්වරුව වන විට ලියාපදිංචි වී තිබූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම දන්සැල් සම්බන්ධයෙන් පූර්ව පරීක්ෂා කිරීමේ කටයුතු සහ දන්සැල් සංවිධායකයින් දැනුවත් කිරීමේ කටයුතු ඊයේ දිනයේදී සිදු වූ බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ.