ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුමකට කඩිනමින් පියවර ගෙන ඊට එකඟ වන ලෙසත්, එසේ නොමැති නම් ගාසා තීරයේ තවදුරටත් විනාශයක් සිදු විය හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පලස්තීන හමාස් කණ්ඩායමට අනතුරු අඟවා තිබෙනවා. අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අනතුරු ඇඟවීම සිදු කළේ ඔහුගේ ටෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්. එහි දක්වා ඇත්තේ හමාස් සංවිධානය ඉක්මනින් ඉවත් විය යුතු බවත් එසේ නොවුවහොත් සියලු ඔට්ටු ඇල්ලීම නතර වනු ඇති බවයි. ගාසා තීරය නැවත තර්ජනයක් වන ඕනෑම ප්‍රතිඵලයක් ඔහු නොඉවසන බවත් එහි දක්වා තිබෙනවා. ඊශ්‍රායලය සමඟ සාම සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේදී හමාස් සංවිධානයේ ප්‍රමාදය නොඉවසන බවටද අමෙරිකානු ජනාධිපතිවරයා එහි දක්වා තිබෙනවා. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ සාම ගිවිසුම සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා ඊශ්‍රායලය බෝම්බ හෙලීම තාවකාලිකව නතර කරන ලෙස කළ ඉල්ලීමට ඊශ්‍රායලයෙන් ලැබුන ප්‍රතිචාරය පිළිබඳව ඔහුගේ පැසසුමට ලක්ව තිබුන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇත්තේ සියලු ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කිරීම සඳහා ට්‍රම්ප්ගේ සැලැස්මේ පළමු අදියර වහාම ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායලය සූදානම් වන බවයි. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සාකච්ඡා ඉදිරි දිනවලදී ඊජිප්තුවේදී නැවත ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර සිටියා. කෙසේවෙතත් වසර දෙකක යුද්ධයක් අවසන් කරන සැලැස්මකට පලස්තීන සටන්කාමී කණ්ඩායමද ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් කියා සිටියේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ සාම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට තම සංවිධානය සූදානම් බවයි. යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශයට බෝම්බ හෙලීම නවත්වන ලෙසද ට්‍රම්ප් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියද, එම ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ ඊශ්‍රායලය එක රැයකින් ගාසා නගරයට ප්‍රහාර විශාල ප්‍රමාණයක් එල්ල කල බවයි. සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසුවේ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 57 දෙනෙකු මිය ගොස් ඇති බවත්, ගාසා නගරයේ පමණක් 40 දෙනෙකු මිය ගොස් ඇති බවයි.