රටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා ජාතික ව්‍යාපාරයක් නිර්මාණය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ඉදිරි දින 10 තුළ ඊට අදාල තීරණ රැසක් ගැනීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් මත්ද්‍රව්‍ය ජාලයත් සමඟ සෘජුවම සම්බන්ධතා පවත්වන බව මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරි දිනවලදී ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පැවසුවේ.