ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගංඟා නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට මෑත ඉතිහාසයේ ඇති නොවන මට්ටමේ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවඅනතුරු අඟවනවා.

එම තත්ත්වය හමුවේ ජීවිත ආරක්‍ෂා කර ගැනීම සඳහා දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි නෙත් නිවුස් කළ විමසීමකදී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්‍ෂ ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා එම පහත්බිම් ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

දැඩි බලපෑමක් ඇතිවිය හැකි ප්‍රදේශ මොනවාදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා.

තවත් ගංගා කිහිපයක ජල මට්ටම සම්බන්ධයෙන් සහ අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් ඉංජිනේරු එල් එස් සූරියබණ්ඩාර මහතා කරුණු දැක්වුවා.