ඉදිරි පැය 36 තුළද ප්‍රදේශ කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල තරමක තද සුළං ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ.

පසුගිය දින දෙක තුළ ඇදහැළුණු වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් නිකුත් කරනු ලැබූ නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ 4 කට එලෙස නයයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය දීර්ඝ කළ බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව පවතින ප්‍රධාන ජලාශ 36ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 53කට අධික ප්‍රමාණයක් තවදුරටත් වාන් දමමින් පවතිනනවා.

කෙසේවෙතත් එම ජාලශවල ජලය මුදාහරිනු ලබන්නේ පාලනයක් සහිතව බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර මහවැලි අධිකාරියට අයත් ජලාශ 5 ක තවදුරටත් වාන් දැමුණද ඉන් ජනතාවට බලපෑමක් නොමැති බවයි මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ.