ඉන්දියාවට නීති විරෝධී ලෙස වෙළඳ පීඩනයක් එල්ල කරන බවට රුසියාව අමෙරිකාවට චෝදනා කරනවා. ඊශ්‍රායල් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ අමෙරිකාව විසින් සිදු කරන මෙවැනි තර්ජන නීත්‍යානුකූල නොවන බවයි. ස්වෛරී රටවලට තමන්ගේ වෙළඳ හවුල්කරුවන්, වෙළඳ හා ආර්ථික සහයෝගීතාව සඳහා හවුල්කරුවන් තෝරා ගැනීමට සහ යම් රටක අවශ්‍යතා සඳහා වන වෙළඳ හා ආර්ථික සහයෝගීතාවයේ ආකාර තෝරා ගැනීමට අයිතියක් තිබිය යුතු බවයි රුසියාව පවසන්නේ. රුසියාව විසින් මෙවැනි නිල ප්‍රකාශයක් සිදුකර තිබුණේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දියාව සම්බන්ධයෙන් තර්ජනාත්මක ස්වරූපයෙන් කර තිබූ ප්‍රකාශය පදනම් කර ගනිමින්. ට්‍රම්ප් ඉන්දියාවට තර්ජනය කර තිබුණේ රුසියානු තෙල් මිලදී ගැනීම ඉහළ තීරුබදු පැනවීමට හේතුවක් විය හැකි බවයි. ලොව තුන්වන විශාලතම තෙල් ආනයනකරු සහ පාරිභෝගිකයා වන රුසියාව ඉන්දියාව සඳහා ප්‍රමුඛතම තෙල් සැපයුම්කරු වන අතර එය සමස්ත සැපයුම්වලින් සියයට 35ක් පමණ වනවා.