චීනයේ පැවැති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රැස්වීමේදී ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක (NSA) අජිත් දොවාල් පාකිස්තානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදයට දරුණු වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
එහිදී ඔහු පැවසුවේ දේශසීමා ත්‍රස්තවාදයේ අපරාධකරුවන්, සංවිධායකයින් සහ මූල්‍ය සපයන්නන් වගවිමට ලක් කල යුතු බවයි.
පකිස්තාන නියෝජිතයින් ද එම රැස්වීමට සහභාගී වී සිටි අතර අජිත් දෝවාල්ගේ ප්‍රකාශය පාකිස්තානයට එල්ල කල සෘජු විවේචනයක් ලෙස විදෙස් මාධ්‍ය අර්ථකතනය කර තිබේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල ඉහළම ආරක්ෂක නිලධාරීන්ගේ රැස්වීම අමතමින් NSA Doval, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද Lashkar-e-Taiba (LeT), Jaish-e-Mohammed (JeM), Al-Qaeda, ISIS සහ ඔවුන්ගේ අනුබද්ධ සංවිධාන විසින් එල්ල කරන නිරන්තර තර්ජනය පිළිබඳව ඉන්දියාවේ ගැඹුරු කනස්සල්ල ප්‍රකාශ කළේය.
එමෙන්ම ඔහු පැවසුවේ කාශ්මීරයේ පහල්ගම් වෙත එල්ල වූ මෑත කාලීන ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව ත්‍රස්තවාදී යටිතල පහසුකම් විනාශ කිරීමට සහ සටන්කාමීන් ඉන්දීය භූමියට ප්‍රහාර දියත් කිරීම වැළැක්වීම සඳහා සින්දූර් මෙහෙයුම දියත් කළ බවයි.
එමෙන්ම ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් අවධාරණය කළේ ජාත්‍යන්තර ප්‍රජාව, විශේෂයෙන්ම ශැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජිකයන් ත්‍රස්තවාදයට එරෙහිව එක්සත්ව නැගී සිටීම අත්‍යවශය බවයි.