ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පලකරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිපදෙනෙකුද සහභාගී වූ මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් සකස් කරන ලද මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබු දැන්වීම් අතිරේකයේ ඡායාරූප යෙදීම සහ ඒවා තෝරාගැනීම පිළිබඳ විශේෂයෙන්ම දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ. දැන්වීම් අතිරේකයට යොදාගත් සෑමපිටුවකම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එකට සිටින ඡායාරූප පල කිරීම සාමාන්‍යයෙන් සිදු නොකරන්නක් බව මෙම සාකච්ඡාවට සහභාගී වූ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයන් පෙන්වා දී ඇති බවද වාර්තා වනවා. එමෙන්ම හිටපු ආසන්නතම විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් හෝ සටහනක් හෝ පල නොකිරීම පිළිබඳවද එහිදී අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය නිදහස් දිනය නිමිත්තෙන් මහකොමසාරිස් කාර්යාලයේ අධීක්ෂණය යටතේ පල කෙරුණු දැන්වීම් අතිරේක පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ බලවත් අප්‍රසාදය මේ වනවිටත් කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය වෙත පල කර ඇති බවටද වැඩිදුරටත් වාර්තා වනවා.
Published