Published
ඉන්දියාවේ දිල්ලි අගනුවර රතු බලකොටුව ආසන්නයේ පිහිටි මෙට්‍රෝ දුම්රිය ස්ථානය අසල සිදුවූ ප්‍රබල පිපිරීමකින් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
රතු බලකොටුව මෙට්‍රෝ දුම්රිය ස්ථානයේ ගේට්ටුවක් ආසන්නයේ මෝටර් රථයක එම පිපිරීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
පිපිරීමත් සමග අදාළ ස්ථානයේ ගින්නක් හටගෙන ඇති අතර ගිනි නිවන රථ 20ක් පමණ යොදවා ගින්න පාලනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
එම සිද්ධියත් සමග ඉන්දියාවේ ප්‍රධාන නගර රැසක ආරක්ෂාව තර කිරීමටද එරට බලධාරීන් පියවර ගෙන ඇති බව එම වාර්තාවල සඳහන්.




