ඉන්දියාවේ නවදිල්ලිහිදී පසුගියදා සිදුවූ මාරාන්තික මෝටර් රථ බෝම්බ ප්‍රහාරයට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයේ බෝම්බකරුගේ සහයකයා එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පිපිරීමට භාවිත කළ මෝටර් රථය එම සහයකයාගේ නමින් ලියාපදිංචි කර ඇති බවද සඳහන්.

අත්අඩංගුවට ගෙන ඇත්තේ කාශ්මීරයේ පදිංචිකරුවෙක්.

අදාළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයින් 73 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එරට පොලීසිය පවසන්නේ.

පසුගියදා සිදුවූ එම මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 08 දෙනෙකු මිය ගියා.

එහිදී තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබූ බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.