ඉන්දීය " ගලවා ගැනීමේ හමුදා භටයින් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයක් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් ඉලුෂියන් - 76 වර්ගයේ මෙම ගුවන් යානය අද දින උදෑසන 08.00 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
ඒ තුළ ශ්‍රී ලංකාවට ආධාර වශයෙන් ලබා දෙන මෙට්‍රික් ටොන් 09 ක අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් මෙන්ම , එම ඉන්දීය ගලවා ගැනීමේ හමුදා භටයන්ට අවශ්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 08 ක භාණ්ඩ ද රැගෙන පැමිණ තිබෙනවා
එසේම මෙම ගුවන් යානයෙන් ඉන්දීය ගලවා ගැනීමේ අනු ඛණඩ දෙකකට අයත් භටයින් 76 දෙනෙකු සහ කාන්තා භටයින් 04 දෙනෙකු වශයෙන් සමස්ථ භටයින් 80 දෙනෙකු පැමිණ තිබු බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
එසේම මෙම භටයින් සමග ගලවා ගැනීමේ මෙහෙයුම් සදහා විශේෂයෙන් පුහුණු කළ සුනඛයන් 04 දෙනෙකු , බෝට්ටු 18 ක් , විදුලි ජනක යන්ත්‍ර ඇතුළු මෙම භටයින්ගේ ක්‍රියාන්විත සදහා අවශ්‍ය විශාල භාණ්ඩ තොගයක් ද ඔවුන් රැගෙන විත් තිබුණි .





