ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් හමුවීමට සූදානම් වන බව වාර්තා වේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ එළඹෙන රුසියානු සංචාරයට සමගාමීව මෙම හමුව සිදුවනු ඇතැයි පැවසේ. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව ලබන 21 වනදා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම රුසියානු සංචාරය සිදු කෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවෙතත් රුසියානු විදේශ අමාත්‍යංශය මෙම හමුව සම්බන්ධයෙන් තහවුරු කර ඇතැයි ද වාර්තා වේ. දෙරට අතර ද්විපාර්ශවික සබඳතා සම්බන්ධයෙන් එම හමුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව ද සඳහන්. මේ අතර ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව තිබේ. ඒ ඔහුගේ රුසියානු සංචාරය අතරතුරදීයි. එම හමුවේ නිල ඡායාරූප රුසියානු ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කර තිබිණි.