කෘතහස්ත බොලිවුඩ් නළු සතිෂ් ෂා මියගොස් තිබෙනවා.

සතිෂ් ෂා දිගු කාලයක පටන් වකුගඩු රෝගයකින් පීඩා විදිමින් සිට තිබෙනවා.

මුම්බායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට 74 හැවිරිදි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

දශක පහකට ආසන්න සිය රංගන දිවිය තුළ ඔහු ජානේ භි දෝ යාරෝ, මේ හූ නා සහ ඕම් ශාන්ති ඕම් වැනි චිත්‍රපට සහ ටෙලි නාට්‍ය 250කට වැඩි සංඛ්‍යාවකට දායක වී තිබෙනවා.