ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමතයි. ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. අද දිනයේ තරඟය නැරඹීම සඳහා නිකුත් කළ ප්‍රවේශපත් සියල්ම ද මේ වන විට අවසන් වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව අවසන් මහා තරඟය පැවැත්වෙන ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආසන 28,000ක් පමණ පිරී ඉතිරී යනු ඇති. පස මිතුරන් වන ඉන්දීය සහ පකිස්තාන කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි විස්සයි අවසන් මහා ක්‍රිකට් තරඟයක් සඳහා ක්‍රීඩා කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වතාවටයි. ඉන්දු - පකිස්තාන් කණ්ඩායම් ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ වැදුණා. එහිදී තමන් මුහුණ දුන් තරඟ තුනම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. පකිස්තාන කණ්ඩායම ‘ඒ’ කාණ්ඩය යටතේ තරඟ දෙකක් ජය ගනු ලැබුවා. ඉන් අනතුරුව එම කණ්ඩායම් දෙක සුපිරි කණ්ඩායම් හතර වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම් සමග තරඟ වැදුනා. අපරාජිත ඉන්දීය කණ්ඩායම සිය ස්ථානය තවදුරටත් රැක ගත්තේ සුපිරි කණ්ඩායම් හතර වටයේ පැවති තරඟ තුනම ජය ගනිමින්. එහිදී ද පාකිස්තානයට ජය ගත්තේ තරඟ තුනෙන් තරඟ දෙකක් පමණයි. ඒ අනුව සුපිරි කණ්ඩායම් හතර වටයේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරාජයට පත් කරමින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඉන්දු - පකිස්තාන් කණ්ඩායම් සමත් වුණා.
Published