ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, සිංගප්පූරු ආරක්ෂක අමාත්‍ය චෑන් චුන් සිං සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා වටයක් පවත්වා තිබේ.

ඒ මැලේසියාවේ ක්වාලාලාම්පූර් හිදීයි.

ප්‍රධාන හවුල්කරුවන් සමඟ ඉන්දියාවේ ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පවත්වන ද්විපාර්ශවීය සාකඡාවලට සමගාමීව මෙම හමුව සිදු විය.

ඔවුන් දෙපළ 12 වන ASEAN ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම - Plus (ADMM-Plus) සඳහා සහභාගී වීමට මැලේසියාවේ රැඳී සිටියි.

මෙම හමුවට පෙර අමාත්‍ය රාජ්නාත් සිං ක්වාලාලම්පූර්හි ADMM-Plus හිදී එක්සත් ජනපද යුද ලේකම් පීට් හෙග්සෙත් හමුවිය.

රැස්වීම ඵලදායී වූ අතර නියෝජිත මට්ටමේ සාකච්ඡාවලින් පසුව ඔවුන් දෙපළ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාවයේ අඛණ්ඩ කැපවීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් හවුල්කාරිත්වය තවදුරටත් ගොඩනැගීමට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කළහ.

එමෙන්ම ඔවුන් දැනට පවතින ආරක්ෂක ගැටළු සහ පවතින අභියෝග සමාලෝචනය කළ අතර දැනට පවතින ආරක්ෂක කර්මාන්තය සහ තාක්ෂණ සහයෝගීතාවන් පිළිබඳව සාකච්ඡා කළහ.