ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත් කලාපයේ සඳුදා රිච්ටර් පරිමාණයෙන් 6.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ගිනිකොන දෙසින් පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 110 ක් ගැඹුරින් සිදු වූ බවයි එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය තහවුරු කර තිබෙන්නේ

මෙම භූ කම්පනය එරට වේලාවෙන් පෙ.ව. 11:20 ට පමණ සිදු වී ඇති අතර මේ හේතුවෙන් සුනාමි අවධානමක් ඇතිව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

භූමිකම්පාවේ කේන්ද්‍රය දකුණු අක්ෂාංශ අංශක 6.25 ක් සහ නැගෙනහිරින් දේශාංශ අංශක 131.17 ක් පිහිටා ඇති අතර, එය ප්‍රදේශයේ සංකීර්ණ භූ කම්පන අන්තර්ක්‍රියා හේතුවෙන් නිතර භූ කම්පන ක්‍රියාකාරකම් සඳහා ප්‍රසිද්ධ කලාපයක් වන බන්ඩා මුහුද අසල පිහිටා ඇත.

දේපල හෝ ජීවිත හානි පිළිබඳ තවමත් වාර්තා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කාරන්නේ

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ ආයතන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවදියෙන් සිටින ලෙස සහ නිල උපදෙස් අනුගමනය කරන ලෙසයි.

ඉදිරි පැය කිහිපය තුළ කිසියම් හානියක් වාර්තා වුවහොත් හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සූදානම්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.