Published
ඛනිජ තෙල් සංස්ථාවේ සිට ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන ප්රවාහනය කිරීමේදී බවුසර් සඳහා වැයවන ප්රවාහන ගාස්තු ඉදිරියේදී අඩු වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා පැවසුවේ ඊට අදාළ යෝජනාව අද දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙන බවයි.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා මහතා.