Published
මාසික ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණඔයා කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කර මින් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කර සිටියේ
රුපියල් 299ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05කින් පහළ දමන බවයි.
ඒ අනුව එහි නව මිල රුපියල් 294.00ක් වනවා.
රුපියල් 335ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිද කර නොමැත.
රුපියල් 313ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල ද රු.5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 318.00 ක් වනවා.
රුපියල් 277ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල ද සංශෝධනය වී නොමැත.
රුපියල් 180ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිලෙහි ද කිසිදු වෙනසක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කරන නිවේදනය පහතින්





