Published
ඉරානයේ පාලන තන්ත්රයේ වෙනසක් බලාපොරොත්තුවෙන් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර දියත් කරන බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා පවසනවා.
ගෝලීය රටවල් එකතු වී ගොඩනැගෙන නව ලෝක පරිවර්තනය බිහිවීම නැවැත්වීමේ අරමුණින් මෙවැනි ප්‍රහාර එල්ල කරන බවයි ඔහු පැවසුවේ.
අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට එල්ල කළ ගුවන් ප්‍රහාර පිළිබඳව නෙත් නිවුස් සිදු කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළා.
දිගින් දිගටම ඇතිවන මෙම යුදමය තත්ත්වයත් සමග ඉරානය සමග රටවල් කිහිපයක් එකතු වීමේ හැකියාවක් පවතින බවයි ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී විජය දිසානායක මහතා පැවසුවේ.
අමෙරිකාව ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරත් සමඟ ඉදිරියේදී ඇතැම් රටවල් ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී පැහැදිළි කළා.