මැද පෙරදිග යුද ගැටුම් හේතුවෙන් මෙරටට විදෙස් ප්‍රේෂණ එවීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඊශ්‍රායලයේ සහ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රේෂණ ගෙන්වා ගැනීමේදී මෙම තත්ත්වය බරපතලවම පවතින බවයි.

නිවාඩු මත ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායලයේ රැකියා කළ ශ්‍රී ලාංකිකයින් යළි එරටට යැවීම තාවකාලිකව නතර කර තිබෙනවා.

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කළේ ඔවුන්ගේ වීසා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල් බලධාරීන් සමග මේ වන විට සාකච්ඡා කර ඇති බවයි.

ගැටුම් ඇති වන අවස්ථාවේ ඊශ්‍රායලය බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට කැඳවීමට පියවර ගත් බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළා.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින් එකවර මෙරටට ගෙන්වා ගැනීම ඉතා අසීරු බවයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් මහතා සඳහන් කළේ.

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මෙම යුදමය තත්ත්වය හේතුවෙන් මේ වන විට ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ද තුවාල ලබා තිබෙනවා.