Published
ඉරාන – ඊශ්‍රායල් ගැටලුව සම්බන්ධයෙන් රජය දෛනිකව තොරතුරු සොයා බලමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු කියා සිටියේ බලශක්ති සහ වැවිලි ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බවයි.
මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කර යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් ඉකුත් දා පත් කෙරුණා.
එම අනු කමිටුවට සහය වීම පිණිස අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කිරීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ.