ඉරාන – ඊශ්‍රායල් ගැටුම් තවදුරටත් ඇවිලෙමින් තිබියදී දෙරට සතුව තිබූ වැදගත් ස්ථාන රැසක් මේ වන විට විනාශ වෙමින් තිබෙනවා.

එම නාම ලේඛනයට අලුතින්ම එක් වූ ස්ථානය වූයේ ඊශ්‍රායලයේ සොරෝකා රෝහලයි.

ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් එම රෝහලට දැඩි හානි සිදුව තිබුණා.

ඊශ්‍රායලයේ ප්‍රති ප්‍රහාරයට ලක්ව තිබුණේ ඉරානයේ රාජ්‍ය රූපවාහිනී විකාශන ආයතනයයි.

මේ අතරතුර දැන් ලොවම බලා සිටින්නේ ඉරාන – ඊශ්‍රායල් ගැටුමට අමෙරිකාව මැදිහත් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට පහරදීමේ සැලසුම අනුමත කර ඇති නමුත් ඊට අදාළ අවසන් තීරණය ලබාදී නොමැති බවයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළේ.