ඉරානය සහ ඊශ්‍රායලය අතර හටගෙන ඇති යුද ගැටුම් උත්සන්න වීමත් සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවර ගතහොත් එය ඍජුවම මෙරට ඉන්ධන සැපයුමට බලපෑම් එල්ල කරන බව දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා පවසනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමුවහොත් ගල්ෆ් කලාපයේ සිට ලොව රටවල් ගණනාවකට සිදු කෙරෙන ඉන්ධන සැපයුම නතර වනු ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

අමෙරිකාව විසින් පනවා ඇති බාධක හේතුවෙන් ගල්ෆ් කලාපය හැර ඉන්ධන නිෂ්පාදනය කෙරෙන ලොව වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීමද අපහසු කරුණක් බවයි දේශපාලන විශ්ලේෂක මොහාන් සමරනායක මහතා මෙහිදී පෙන්වා දුන්නේ.

මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වුවහොත් මෙරටට අහිතකර ලෙස බලපානු ඇති බවද මොහාන් සමරනායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.