ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නැවතත් ඉරානය වෙත සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ ඉරානය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට යොමුකළ ලිපියක් හේතුවෙන්. එම තීරණය සම්බන්ධයෙන් කිසිඳු ගැටුමක් ඇතිකර නොගන්නා ලෙසත් ඒ වෙනුවට ඉදිරියට සාකච්ඡා ගෙන යන ලෙසත් එක්සත් රාජධානිය, ප්‍රංශය සහ ජර්මනිය ඉරානයෙන් ඉල්ලා තිබෙනවා. එම සම්බාධක වළක්වා ගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් සොයා ගැනීමට ඉරානයට දින 30ක කාලයක් ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම න්‍යෂ්ඨික වැඩපිළිවෙලට එරෙහිව පැනවූ සම්බාධක සම්බන්ධයෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගිය සතියේ කියා සිටියේ රටට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමේ කිසිදු අදහසක් නොමැති බවත්, ජාත්‍යන්තර සම්බාධක නැවත පැනවීම අසාධාරණ, අසාධාරණ සහ නීති විරෝධී ලෙස හෙළා දකින බවයි.
Published