ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළේ, එක්සත් ජනපද යුධ ගුවන් යානා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ප්‍රහාර එල්ල කළ බවත්, ප්‍රහාරය “සාර්ථක” බවත්, ගුවන් යානය ඉරාන ගුවන් සීමාවෙන් ඉවත් වී ඇති බවයි.

ප්‍රහාර ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් හි න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කර ගත් බව ට්‍රම්ප් Truth Social හි සටහනක සඳහන් කර තිබෙනවා.

“ප්‍රාථමික ස්ථානය වන ෆෝඩෝ වෙත බෝම්බවල සම්පූර්ණ බරක් හෙළන ලදී,” ඔහු පැවසීය.