Published
පවතින දේශපාලන තත්ත්වයන් පිළිබඳ දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා. ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ඒමට නියමිත විශ්වාසභංගය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයාට ගෙන ඒමට නියමිත විශ්වාසභංගය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා දැක්වූයේ මෙවන් අදහසක්. හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා ආණ්ඩුවේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ මැතිවරණ කාලය තුළ ජනතාවට ලබා දුන් පොරොන්දු හැකි ඉක්මනින් ඉටු කරන ලෙසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලා සිටියේ ගොවි ජනතාවගේ වී සඳහා නිසි මිලක් ලබා දෙන ලෙසයි.