නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි ඉදිරි පැය 36 සඳහා අද පස්වරු 04ට නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.
උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය.
මේ අතර, පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති නාය යෑමේ අවදානම හේතුවෙන් නිකුත් කර තිබූ රතු නිවේදන සියල්ල මේ වන විට ඉවත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම ආයතනයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රතු නිවේදන ඉවත් කළද ඇතැම් ප්‍රදේශවලට අදියර එක සහ දෙක යටතේ අවධානයෙන් සිටිය යුතු බවට වන නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාඥ සුමින්ද රත්නායක මහතා.




