Published
ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියට සැඟව සිටීමට හා පලා යාමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී හා තිහාරිය, ඕගොඩපල ප්‍රදේශයේදීයි.
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුලදී ඝාතනය වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ල සංජීව” නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි නැමති සැකකාරියට සැඟව සිටීමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු හා ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් බෝට්ටුවක් ආධාරයෙන් පලායාමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.