Published
පලස්තීනට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත්, හමාස් සංවිධානය භාරයේ සිටින තම ප්රාණ ඇපකරුවන් නිදහස් කර ගෙන්වා දෙන ලෙස ඊශ්රායල රජයට බලකරමින් ඊශ්රායල් වැසියන් එරට අගනුවර වන ටෙල් අවිව්හි රාත්රියේ යළිත්වරක් දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත් හමාස් සංවිධානය සමග ඇතිකරගත් ප්රාණ ඇපකරු හුවමාරුවකදී ඔවුන්ගෙන් පිරිසක් නිදහස් කර තිබුනා.
ඒ අනුව විරෝධතාකරුවන් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතිරි ප්රාණ ඇපකරුවන් 136 දෙනා නිදහස් කර දෙන ලෙසය.
ඊශ්රායල – පලස්තීන යුද ගැටුම් 2023 වසරේ ඔක්තෝබර් 7 වනදා ආරම්භ වූ අතර එදින හමාස් සංවිධානය එල්ලකළ ප්රහාරයෙන් ඊශ්රායල වැසියන් 1, 200කට අධික පිරිසක් මියගිය අතර, තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්රාණ ඇපකරුවන් බවට පත්කරගනු ලැබුවා.