Published
උඩරට මාර්ගයේ ඊයේ රාත්‍රියේ සිදු වූ දුම්රිය පීලි පැනීම යථා තත්ත්වයට පත්කර තිබෙනවා. එලෙස පීලි පැන තිබුණේ බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනට වූ රාත්‍රී තැපැල් දුම්රියයි. ඒ, කිතැල්ඇල්ල උප දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. එම දුම්රියේ ආධාරක එංජිමයේ රෝද හතරක් එලෙස පිලී පැනීමකට ලක්ව තිබුණා.
එම දුම්රිය එම ආධාරක එංජිම නොමැතිව වෙනත් දුම්රියක එංජිමක ආධාරයෙන් කොළඹ කොටුව බලා ධාවනය කිරීමට කටයුතු යෙදූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. ඒ අනුව උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදුවනවා.



