Published
ඉදිරි උත්සව සමයේ සැකකටයුතු පුද්ගලයෙකු හෝ දේපළක් පිළිබඳ යම් සැකයක් ඇත්නම් ඒ පිළිබද ළඟම සිටින පොලිස් නිලධාරියෙකුට දැනුම් දෙන ලෙසට පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
උත්සවය සමය ඉලක්ක කර ගනිමින් ආගමික ස්ථාන සහ විවිධ ආගමික කටයුතුවල නිරත වන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසුවේ.
ඒ අනුව ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද අනියුක්ත කර ඇති බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
බස්නාහිර පළාතේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිස් නිලධාරීන් 2,500ක් අනියුක්ත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.




