උතුරු පළාතට නැවතත් මහ වැසි ඇඳ වැටෙමින් පවතින අතර ඊයේ(15) සවස සිට අද(16) උදැසන දක්වා උතුරු පළාතේ බොහෝ ප්‍රදේශ වෙත මහ වැසි ඇඳ වැටෙමින් පවතිනවා.

වැසි තත්වය හේතුවෙන් උතුරු පළාතේ ලොකු කුඩා වැව් නැවතත් වාන් දැමීමට පටන්ගෙන ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරනවා.

වැසි තත්වය හේතුවෙන් කැඩී ගිය වැව් ප්‍රතිසංස්කරණ කටයුතුවලට බාධා එල්ල වි ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

උතුරු පළාතේ වැව් නැවත වාන් දමන අයුරු දැක්වෙන ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පහතින්,