නව රජය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලී්‍ය හේතුවෙන් මෙම වර්ෂයේ ගත වූ කාලය තුල පමණක් උතුරු මැද පළාත් සභාවට රුපියල් මිලියන 400 ක් ඉතිරි වී අුැති බව තික ඉදිකිරීම් සංගමයේ උතුරු මැද ශාඛාවේ සභාපති ජී බී ලෝහිතරත්න මහතා පවසනවා.

ජී බී ලෝහිතරත්න මහතා පවසා සිටියේ සමිති සමාගම් වලට ටෙන්ඩර් ලබා දීම රුපියල් ලක්ෂ 50 සිට ලක්ෂ 20 සීමාව දක්වා අඩු කිරීම මෙම යහපත් තත්වයට හේතු වී ඇති බවයි.

පසුගිය රජයන් වල පාලන කාලය තුලදී උතුරු මැද පළාත් සභාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත්ව ක්‍රියාත්මක නොවු බවද කියා සිටි සභාපති ජී බී ලෝහිතරත්න මහතා ඒ තුලන් පසුගිය රජයන් වල ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී නිසා අක්‍රමිකතා රැසක් සිදු වූ බවද පවසා සිටියා.

ඒ අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලිය අකුරටම ක්‍රියාත්මක කිරීම තුලින් නව රජය යහපත් පූර්වාදර්ශයක් ලබා දෙමින් රජයේ මුදල් අරපිරිමැස්මෙන් පරිහරණය කරන අයුරු මැනවින් පෙන්වා දී ඇති බවද සභාපති ජී බී ලෝහිතරත්න මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.