Published
උතුරු පළාතේ විශාලතම ජලාශය වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය තවදුරටත් වාන් දමන බව කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසූවේ පැවති වර්ෂාව හේතුවෙන් කිලිනොච්චිය වැවේ ජල ධාරිතාව අඩි 37 යි අඟල් 09 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වෙත තවදුරටත් වැසි ඇඳ වැටෙමින් පවතින බැවින් ජලාශයේ ජල ධාරිතාව ඉහළ යමින් පවතින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
කිලිනොච්චිය වාරිමාර්ග කාර්යාලය පැවසූවේ ජලාශයේ වාන් දොරටු 14 ම විවෘත කොට ඇති අතර,වාන් දොරටු හයක් අඩිය බැඟින් විවෘත කොට ඇති අතර,අනෙකුත් වාන් දොරටු අට අඟල් හය බැඟින් විවෘත කොට ඇති බවයි.
කිලිනොච්චිය ජලාශයේ වාන් මට්ටම අඩි 36 ක් වන බවද දිස්ත්‍රික් වාරිමාර්ග කාර්යාලය පැවසුවා.





