කොස්ගොඩ, දූව මෝදර ප්‍රදේශයේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් උදෑසන 05.15ට පමණ එම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි තරුණයෙක්.

බලපිටිය, කොස්ගොඩ , ගාලුපාරේ කැස්බැ මධ්‍යස්ථානයක් තුල දි වෙඩි තැබීම සිදුව තිබෙනවා.

සිද්දියෙන් මිය ගොස් ඇත්තේ එම කැස්බැ මධ්‍යස්ථානයේ හිමිකරුගේ පුත්‍රයා බවයි පැවසෙන්නේ.

එම පුද්ගලයා අදාල ස්ථානයේදීම මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මේ අතර දකුණු පළාතේ අපරාධ මර්දනය සමබන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මෙලෙස අදහස් පළ කළා.