Published
අපොස උසස් පෙළ විභාගය සෙරසුරාද දිනයේද නොපවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අද ,හෙට සහ අනිද්දා යන දිනයන් වල පැවැත්වීමට නියමිතව තිබූ අපොස උසස් පෙළ විභාගයන් නොපවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඒ සඳහා දෙසැම්බර් මස 07, 08 සහ 09 යන දිනයන් විකල්ප දිනයන් ලෙස ලබා දී තිබෙනවා.
හෙට පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 08 වනදාත් සහ සෙනසුරාදා (29) පැවැත්වීමට නියමිතව තිබූ විෂය දෙසැම්බර් මස 09 වනදාත් පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.




