හෙටින් ඇරඹෙන මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ විභාගය ආරම්භ වීමට පැය භාගයකට පමණ පෙර විභාග මධ්‍යස්ථානවලට පැමිණ තමාට හිමි ආසනයේ අසුන්ගන්නා ලෙසයි.
විභාග අපේක්ෂකයින් විසින් විභාග මධ්‍යස්ථානයට රැගෙන නොයා යුතු උපකරණ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු පැහැදිලි කෙරුණා.
මේ, වැඩිදුරටත් කරුණු දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය.
හෙටින් ආරම්භ වන උසස් පෙළ විභාගය එළඹෙන දෙසැම්බර් මස පස්වැනි සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි.
ඒ සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362ක් ස්ථාපිත කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මෙවර විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ 40,521ක්.
ඒ අතර පාසල් අයදුම්කරුවන් දෙලක්ෂ 46,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,000ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.




