Published
ප්‍රමාණවත් තරම් අමු ද්‍රව්‍ය සපයා ගැනීමට නොහැකි වීමත්, වෙනත් පිරිවැය ඉහළ යාමත් හේතුවෙන් උළු කර්මාන්ත ශාලා බොහෝමයක් වැසී ගොස් ඇති බව එම ව්‍යාපාරිකයන් පවසනවා.
පවතින ගැටලු හේතුවෙන් මෙම වසරේ පමණක් උළු කර්මාන්ත ශාලා සියයකට ආසන්න ප්‍රමාණයක් වසා දමා ඇති බවයි සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව් ජේ බැප්ටිස්ට් ප්‍රනාන්දු මහතා පැවසුවේ.
උළු කර්මාන්තයට අවශ්‍ය වන ප්‍රධානතම අමුද්‍රව්‍ය වන මැටි සපයා ගැනීමේදී ගැටලු රැසක් මතුව ඇති බවද ඔහු කියා සිටියා.