ඌව පළාතේ සියලු‍ම පෙර පාසල් අද දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

පවතින අධික වැසි සහ ආපදා තත්ත්වය සලකා මෙම පියවර ගත් බවයි ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරිය පැවසුවේ.